දරුවන් දහමින් පෝෂණය කරනු වස් ලාංකික හා රටවල් දහයකට අධික විදේශීය සිසුන් 650 කට ආසන්න ප්‍රමාණයකට සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් දහම ලබා දීම සිව්මග ධර්මායතනයෙන් ඉටු කෙරෙන ප්‍රධාන කර්තව්‍යයයි. සම්ප්‍රදායික දහම් අධ්‍යාපනයකට නොව දරුවන් මුහුණ දෙන නූතන අභියෝග විසඳීම සඳහා බෞද්ධ දර්ශනයේ ප්‍රායෝගික භාවිතය පිළිබඳව ඔවුන් යොමු කිරීම මෙහිදී සිදුවේ. ඒ සඳහා නිසි ලෙස සැකසු පාඩම් මාලාවකින් දරුවන්ගේ මනස සුපෝෂණයටත් දහමින් තම ජීවන අත්දැකීම් විශේල්ෂණය කිරීමටත් දරුවන් යොමු කිරීම මෙහිදී සිදු වේ. ආරාම වාසී ස්වාමීන්වහන්සේලා හා අනගාරිකා මහත්මීන්ලා ගේ නිරන්තර අධීක්ෂණය යටතේ අධ්‍යාපනික කටයුතු සිදු කෙරෙන අතර සදාචාර සම්පන්න දරුවෙක් සමාජයට දායාද කිරීම වෙනුවෙන් අවශ්‍ය යහපත් ආකල්ප,ධනාත්මක සිතුවිලි හා උතුම් ගුණධර්ම ඇති කිරීම සිව්මග ධර්මායතනය මඟින් නිතැතින්ම සිදු වේ.
සිව්මග ධර්මායතනය සඳහා දරුවන් බඳවා ගැනීමේ වැඩි විස්තර සිව්මග ධර්මායතනයේ වෙබ් අඩවිය හරහා ලබා ගත හැක