දිවයිනේ පිහිටියා වූ විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල රාජකාරී වල නියුතු පුද්ගලයන් හට පුද්ගල හා ආයතන සංවර්ධනය වෙනුවෙන් දහම ලබාදීමට නොයෙකුත් දහම් වැඩසටහන්, දේශනයන්, සීල වැඩසටහන් මෙන්ම සම්මන්ත්රණයන් ද සිදු කරනු ලබයි. ඒවා ආයතන පරිශ්‍රයන් තුලදී මෙන්ම මාර්ගස්ථ ක්‍රමයට ද සිදු කෙරේ. ඒ සඳහා දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් දැනුම අත්දැකීම් හා පළපුරුදු චතුර භාෂා කථිකත්වයකින් හෙබි ස්වාමීන්වහන්සේලා හා අනගාරික අනගාරිකා පිරිස් විසීම අප ලද භාග්‍යකි.
පසුගිය කාලසීමාව තුලදී හමුදාව, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, අරලියගහ මන්දිරය, BMICH, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ජාතික තරුණ සේවා සභාව, රජයේ අමාත්‍යාංශ, ජාතික හා ජාත්‍යන්තර පාසල්, විශ්වවිද්‍යාල සහ ආයතනික මූලස්ථාන සමඟ සම්බන්ධ වී වැඩසටහන් පැවැත්වීමට අපට හැකියාව ලැබී ඇත.