සූර්යකෝෂ ශක්ති - ආලෝක පූජාව  

බොහෝ ප්‍රඥාවන් පූර්ණය කළාවූ මුනිවරුන් දේශිත සිව් වේදයන්හී  ‘ධර්මෝ රක්ෂති රක්ෂිතා’ යන්න සඳහන් වෙද්දී කෝටි ලක්ෂයක් සක්වලෙහි සිය ආඥාව විහිදුවා පතුරුවා හල සම්බුදු සුගත තථාගතයන් වහන්සේ ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි’ ලෙසින් දේශනා කළ වදාළේ “මේ උත්තරීතර ධර්මය නමැති ඥාන පදයෝ රක්ෂා කරන්නා, මේ ඥාන පදයෝ විසින් රකිනු ලබයි” යන්නයි. 

 

ප්‍රදීපයන් කෝටියක් දැල්වූවාසේ සක්වල ධාතුව පුරා සදහම් පණිවුඩය රැගත් ප්‍රඥාලෝකය මෙසේ විහිදී පැතිරීගියා සේ, ප්‍රදීපාලෝක පූජාවන් තුළින් ප්‍රඥාවේ ආලෝකය උදාකරගත හැකි බැව් ශ්‍රී සද්ධර්මයෙහි සඳහන් වේ. 


එහෙයින්, “මේ උතුම් සම්බුදු සසුන බැබලේවා! මේ මහා ඥානාලෝකය සියල් සිත්සතන්හී අඳුර නිවමින් දැල්වේවා!” යන ඒකායන අධිෂ්ඨානය නිවන සොයා විරිය මග සරනා, ආරාමයේ බුදුබිම නිවහන කරගත් සිව්වනක් පිරිස් මේ ලෙසින් එකට එක්ව තැබූහ. එවන් අදිටනින් නැගි ප්‍රඥාලෝක ධාරාවන් කෝටි ලක්ෂයක් සක්වල සිසාරා විහිදුවමින්, උත්තරීතර විශ්වීය ඥානය නම් වූ සදහම් ඝෝෂාව සක්වල පුරාවට විහිදුවා  පතුරවාලමින්, ශ්‍රී සම්බුද්ධ සසුන සිරසාභිෂේක කළාවූ දහස් සංඛ්‍යාත සුපින්වතුන්ගේ සහභාගීත්වයෙන් සිදු වූ මේ මහා පූජාවවූ සූර්යකෝෂ ශක්ති - ආලෝක පූජාව තුළින් ජනිත වූ සියලු පින්, අවිඳු අඳුර දුරලා, මාර්ගඵල සංඛ්‍යාත වූ උතුම් ගෞතම සම්බුද්ධ සසුනෙහි පිරී නිවී, අමා මහ නිවනින් සැනසීමට සියලු ප්‍රාණභූතයින්ට මං පෙත් විවර කර ගැනීමට හේතු උපනිශ්‍රයක් ම වේවා!!!

පුවත්

ඉන්දියාවේ සහකාර මහ කොමසාරිස්වරියගේ සංචාරය  2024

ඉන්දියාවේ සහකාර මහ කොමසාරිස්වරියගේ සංචාරය 2024

ඉන්දියාවේ සහකාර මහ කොමසාරිස්වරියගේ සංචාරය  2024

සද්ගුරු ශ්‍රී මධුසුදන් සායිගේ පැමිණීම

සද්ගුරු ශ්‍රී මධුසුදන් සායිගේ පැමිණීම

සද්ගුරු ශ්‍රී මධුසුදන් සායිගේ පැමිණීම

මහාචාර්ය අංකුරන් දුට්ටා මහතාගේ පැමිණීම

මහාචාර්ය අංකුරන් දුට්ටා මහතාගේ පැමිණීම

කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකුරන් දුට්ටා මහතාගේ...

සුදුමිනිස්සුගම ප්‍රාදේශීය රෝහල

සුදුමිනිස්සුගම ප්‍රාදේශීය රෝහල

ත‍්‍රිවිධ රත්නයේ ආශීර්වාදය මැද පළාත් සෞඛ්‍ය නිලදරුවන්ගේ සහභාගීත්වයෙන්, රෝග නිවාරණය සහ රෝග සුවකිරීම යන දෙඅංගයන්ගෙන්...