සූර්යකෝෂ ශක්ති - ආලෝක පූජාව  

බොහෝ ප්‍රඥාවන් පූර්ණය කළාවූ මුනිවරුන් දේශිත සිව් වේදයන්හී  ‘ධර්මෝ රක්ෂති රක්ෂිතා’ යන්න සඳහන් වෙද්දී කෝටි ලක්ෂයක් සක්වලෙහි සිය ආඥාව විහිදුවා පතුරුවා හල සම්බුදු සුගත තථාගතයන් වහන්සේ ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි’ ලෙසින් දේශනා කළ වදාළේ “මේ උත්තරීතර ධර්මය නමැති ඥාන පදයෝ රක්ෂා කරන්නා, මේ ඥාන පදයෝ විසින් රකිනු ලබයි” යන්නයි. 

 

ප්‍රදීපයන් කෝටියක් දැල්වූවාසේ සක්වල ධාතුව පුරා සදහම් පණිවුඩය රැගත් ප්‍රඥාලෝකය මෙසේ විහිදී පැතිරීගියා සේ, ප්‍රදීපාලෝක පූජාවන් තුළින් ප්‍රඥාවේ ආලෝකය උදාකරගත හැකි බැව් ශ්‍රී සද්ධර්මයෙහි සඳහන් වේ. 


එහෙයින්, “මේ උතුම් සම්බුදු සසුන බැබලේවා! මේ මහා ඥානාලෝකය සියල් සිත්සතන්හී අඳුර නිවමින් දැල්වේවා!” යන ඒකායන අධිෂ්ඨානය නිවන සොයා විරිය මග සරනා, ආරාමයේ බුදුබිම නිවහන කරගත් සිව්වනක් පිරිස් මේ ලෙසින් එකට එක්ව තැබූහ. එවන් අදිටනින් නැගි ප්‍රඥාලෝක ධාරාවන් කෝටි ලක්ෂයක් සක්වල සිසාරා විහිදුවමින්, උත්තරීතර විශ්වීය ඥානය නම් වූ සදහම් ඝෝෂාව සක්වල පුරාවට විහිදුවා  පතුරවාලමින්, ශ්‍රී සම්බුද්ධ සසුන සිරසාභිෂේක කළාවූ දහස් සංඛ්‍යාත සුපින්වතුන්ගේ සහභාගීත්වයෙන් සිදු වූ මේ මහා පූජාවවූ සූර්යකෝෂ ශක්ති - ආලෝක පූජාව තුළින් ජනිත වූ සියලු පින්, අවිඳු අඳුර දුරලා, මාර්ගඵල සංඛ්‍යාත වූ උතුම් ගෞතම සම්බුද්ධ සසුනෙහි පිරී නිවී, අමා මහ නිවනින් සැනසීමට සියලු ප්‍රාණභූතයින්ට මං පෙත් විවර කර ගැනීමට හේතු උපනිශ්‍රයක් ම වේවා!!!

පුවත්

සති අන්ත මල් මුර භාවනා වැඩසටහන

වස්සාන සමය භාවනා වැඩසටහන 2024

වස්සාන සමය නිමිති කරගෙන සිදු කෙරෙන සති අන්ත භාවනා වැඩසටහන. ඇසළ පුන් පෝ දායින් ඇරබෙන වස්සාන සමය පුරාවට සෑම ඉරිදා...

විරුදින පංචානිසංස මහා පූජාව - 2024

විරුදින පංචානිසංස මහා පූජාව - 2024

පහළොස්වන රණවිරු සැමරුමට සමගාමීව ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සම්බන්ධවීමෙන් සිදු වූ ශතාධික සංඝගත දක්ෂිණාව සහ විශේෂ...

රාජකීය ජාත්‍යන්තර පාසල් සිසුන්ගේ විශේෂ වැඩසටහන

රාජකීය ජාත්‍යන්තර පාසල

රාජකීය ජාත්‍යන්තර පාසල් සිසුන්ගේ විශේෂ වැඩසටහන

පුනරුත්ථාපන කඳවුර සඟසතු කොට පූජා කිරීම

පුනරුත්ථාපන කඳවුර සඟසතු කොට පූජා කිරීම

මෙවන් ආර්ය සසුනක මහිමය විදහාලමින් ජේතවනාරාම බොදු බිමෙහි ඉදිවූ මෙම සුවිසෙස් ආරාම සංකීර්ණය, ‘නෝබල් ෆ්‍රෙන්ඩ්ස්...